Tuesday, December 25, 2012

ඇය මං නොවුවත්

ඇය මං නොවුවත් 


මේ දෙනෙත් යට තිබු
සෝ සුසුම් කඳුළු වැල් 

මේ දෙතොල් අග තිබු 
ඔබ දුටුව හසරැල් 
මේ සුසුම් යට තිබු
පුංචි ඒ පැතුමන් 
වියැකිලා දැන් ඇය නිසා ..



දනිමි මං නොඑන බව 
ඔබ නැවත ආදරෙන්  
ඔබේ නව සිහිනයන් 
නැවුම් පැතුමන් 
නැවුම් දිවියේ 
පිපී දිලෙනට 
පෙරට වැඩියෙන් ආදරෙන් 
සුබ පතමි මං 
ඔබේ ඇය 
මං නොවුවත්  ..

12 comments:

  1. ආත්මාර්ථකාමී නොවූ අපූරු සිතුවිල්ලක්......

    ReplyDelete
  2. ස්තුතියි නාඩියා :)

    ReplyDelete
  3. තමන් ආදරය කල කෙනා වෙන කෙනෙක් එක්ක යනකොට, සුභ පතන එක ගොඩක් දෙනෙක්ට හිත හදා ගෙන කරන්න බැරි දෙයක්...... හැබැයි ඒක කරන්න පුළුවන් අය හරිම ශක්තිමත් සහ අවංකවම ආදරය කල කෙනෙක්....

    ReplyDelete
  4. හ්ම්ම් ආදරය කියන්නේ පරිත්‍යාගයට..
    මේ පැත්තේ ආවට ස්තුතියි සමනලී :)

    ReplyDelete
  5. මං හිතන්නේ මේ වගේ ආත්මාර්ථකාමී නොවූ පරිත්‍යාගශීලි ආදරය තමයි පූජනීය වෙන්නේ.. සුබ පතනවා තව කවි ලියන්ට....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගීත් අයියා :)

      Delete
  6. ඇගේ අත පටලවා
    තුරුල්කොට සෙනෙහෙ පා
    රැගෙන යන දසුන් දැක
    අකම්පිත වූ
    සොඳුරු සිතැතිය

    ඔබ ,

    මග බලනු එනතුරා
    ඔබේ ලොව කිරුල හිමි
    කුමරු ඔබ සොය සොයා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චාමර ..ඔයා ලියපු මේ පද පෙළත් ගොඩක් ලස්සනයි ..:)

      Delete
  7. ලස්සන කාව්‍යමය තවත් ඉසව්වක්නේ. අදයි ආවේ මේ පැත්තට. දැන් එන්නං දිගටම.

    ReplyDelete
  8. විසුල අහස යට නගර පීරා
    පෙමක් සෙව් ඔහු
    වරක් නොව රැවටුනා දෙවරක්ම..

    නොහඩනන්න සොයුරිය වරද ඔබ අතේ නොව
    ඔහු සිත තවමත් මුල් සින්තටික් ආදරය උඩ....

    ඔබට ජය!!

    ReplyDelete
    Replies
    1. ආ .. මේ ඒ මං කියන කතාවමද ?

      Delete