Friday, December 28, 2012

අයදින්නිය

අයදින්නිය






වැහි බිංදු සිප ගනී වැව් දියඹ හෙමි හෙමින් 
කළුම කළු දියකාවෝ දඟ කරයි වැව තුලින් 
හිරකරන් සිටි නුඹත් ඉඟි කරයි මට හොරෙන් 
මායාව නුඹම බව කෑ ගසයි මම ඉඳින් 

මගේ ලොව පාලුවෙන් මම නැතුව බලන්නිය 
සිනහ පිරි දසුන් මගේ සිත් කොනේ මවන්නිය
ඇගේ නිල් නෙත් යුගල මා නැතුව තැවෙන්නිය 
ලොවක් නැත අකාලික, දෙතොල ඇගේ කියන්නීය  

ගිය නුඹට තුති පුදමි බොහෝමත් සෙනෙහසින් 
මියැදෙන්න සිටිය මම අවදි වුනි වීර්යෙන් 
සැබෑ ලොව කුරිරු බව සිප ගනිමි මම සෙමෙන් 
ඒ ලොවේ සොඳුරු බව සොයන්නෙමි ආදරෙන් 

13 comments:

  1. හ්ම්ම්.....
    // සැබෑ ලොව කුරිරු බව සිප ගනිමි මම සෙමෙන්
    ඒ ලොවේ සොඳුරු බව සොයන්නෙමි ආදරෙන් //
    මේ ටිකනම් හොඳටම වැදුනා!

    ReplyDelete
    Replies
    1. හී හී ..එහෙනම් හොඳයි :D

      Delete
  2. ඔන්න නගේ අදමයි මේ පැත්තේ ආවේ. ඔන්න ඉතින් කවියක් ලියලම යන්නම්.


    කඳුළු බිදු සිපගනී මගෙ කොපුල් දෙක හෙමින්
    සැබෑ ලොව කුරිරු බව පසක් වන විට හෙමින්
    ඒ ලොවේ සොඳුරු බව නොසොයන්න හෙමි හෙමින්
    සොඳුරු බව යටින් කුරිරු බව එයි හෙමින්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි :) දිගටම එන්න මේ පැත්තේ

      Delete
  3. සොදුරැ යැයි කියා එන ඒ කුරිරැ බව හැදින
    පරාජිය කොට ඔබේ ජීවිතය ජයගන්න

    ජය වේවා !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයියා :)

      Delete
  4. මේ ඉසව්ව නෙත ගැටුනේ අද මද මන්දා.නියමයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි :) දිගටම එන්න මේ පැත්තේ

      Delete
  5. ලස්සන නිර්මාණයක් වගේම මම තේරුමටත් කැමතියි... ආදරයෙන් පරාජය වෙලා සමාජයටම වෛර කරනවා වෙනුවට, ඒ පරාජයෙන් පන්නරය අරන්, ලෝකය දෙස අවබෝධයෙන් බලන එක තමයි කරන්න ඕනේ.

    ReplyDelete
  6. බොහොම ස්තුතියි :) ජය !

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. කුරිරු ලොව සොදුරු තැන් එමට ඇත සැනසෙන්න
    ඒ සොදුරු තැන් නිසා නැගනියේ හිනැහෙන්න
    දුක දුන්නු මතකයට ටිකින් ටික සමුදෙන්න
    සිතට පන්නර අරන් නිදහසේ ඉගිලෙන්න

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නැගණිය ඔබටත් :)

      Delete