Thursday, January 3, 2013

මැයි මල් වලට ආස නැද්ද ඔයා ?

මැයි මල් වලට ආස නැද්ද ඔයා ?


                                


ආසයිද ඔයා රොබරෝසියා මල් වලට ?
ඔව් ගොඩාක් .. කියන්න බැරි තරම් ආසයි 
හේතුව 
දන්නේ නෑ 
ඇත්තටම 
ඔව් ඇත්තමයි 
හ්ම්ම් 
හරියට මම ඔයාට මෙච්චර ආදරේ ඇයි කියලා මමවත් දන්නේ නෑ වගේ  
ඒ උනාට රොබරෝසියා මල් ඉක්මනට තැලිලා පරවෙලා යනවා, 
අපේ ආදරේ ඒ මල් වලට සමාන කරන්න එපා  
එතකොට මැයි මල් වලට ආස නැද්ද ඔයා ?
ආසයි 
මමත්.. 
හේතුව ?
අපේ ආදරේ මැයි මල් වගේ  
ඇයි ?

                                   

මැයි මල් වල රොබරෝසියා වලට වඩා ලොකු ජීවයක් තියෙනවා ..
ලඟට වගේම දුරටත් ලස්සනයි 
ඉක්මනට  තැලිලා යන්නෙත් නැහැ   
ලොකු වැස්සක් ආවත් මල් ටික ඔක්කොම හැලෙන්නෙත් නැහැ 
ගහේ තිබුන ඔක්කොම කොළ ටික බිමට හලලා මල් විතරක් පිපෙන්නත් නැහැ  
පෙති වල පාට ගොඩක් තියෙනවා 
ලස්සනයි වගේම ගොඩක් ශක්තිමත්  
අපේ ආදරෙත් ඒ වගේ ...

16 comments:

  1. ඇත්තටම එහෙම හිතෙනවද? මට නම් මේ මල් දෙකම එකයි වගේ..
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
  2. මට නම් හිතුනේ මෙහෙමයි :)

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් වලට උත්තර දාන විට කමෙන්ටුව යට ඇති රිප්ලයි එක ක්ලික් කර කමෙන්ටුව දාන්න. එවිට පිළිතුර පැහැදිලියි.

      Delete

  3. සුන්දරත්වයේ මාන විමසීම ....
    හරි අගෙයි..අවුරුදු සුබම සුබ වේවා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි... ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා :)

      Delete
  4. හ්ම්ම්.....ආදරේ මලකට..නරකම නෑ!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නාඩියා :)

      Delete
  5. රොබරෝසියා මල් ඉක්මට පර උනත්..
    මැයි මල ටිකක් වැඩි කාලයක්
    තියෙයි ජිවය දෙමින්...
    නමුත් ටික කාලෙකින්
    වැටෙයි පරවී බිමට..
    කොයි මලත් ඔය වගෙයි
    දැනගන්න මේ ලෙසට....
    ලොවෙහි නැත කිසි දෙයක්
    සදා වෙනසක් නොවෙන...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබටත් .. ඔබේ අදහසත් අගෙයි :)

      Delete
    2. ලෝකය වෙනස් වේ
      ආදරෙත් වෙනස් වේ
      එන්න
      අපිත් වෙනස් වෙමු....

      Delete
  6. ආදරය හා මල්.....

    ReplyDelete
  7. මැයි මල් හැමදාටමත් දකින්ට නැහැ හැබැයි......

    ReplyDelete
  8. meka kaviyakda? Debasakda? Mokak unath lassanai ....! :)

    ReplyDelete