Saturday, January 19, 2013

ජීවිතේ ගැන පුංචි සටහනක්...

ජීවිතය ගැන පුංචි සටහනක්...



ජීවිතේ කියන්නේ අපිට  හැමදාම අපි කැමතිම දේ ලැබෙන තැනක් නෙවෙයි.දෛවය අපේ ජීවිත පාලනය කරන්න හදන වෙලාවල් බොහොමයි.මේ දේවල් අතරේ හැම කෙනාම වෙනුවෙන් ලියවුනු, ජීවිතේ හැම පරිච්ජේදයක්ම ඇතුලත් වුනු ලස්සන කතාවක් තියෙනවා කියලා මං හිතනවා. ඒ කතාවට අපි අලුත් පරිච්ජේද එකතු කරන්න කැමතියි වගේම , අකමැති කොටස් ඉරලා විසි කරන්නත් කැමතියි. අපි මේ මොනවා කරන්න හැදුවත් අන්තිමට කතාව ඉවර වෙන්නේ අපිට ඕනි විදිහට නෙවෙයි. කතාව ලියවුනු විදිහටයි. ඒ නිසයි ඉරණම අපිත් එක්ක සෙල්ලම් කරනවා කියලා කියන්නේ.


අපේ හිතත් පුදුමාකාරයි. අවසර නැතුව හැම තැනම දුවනවා. සමහර වෙලාවට හිතට මහා ලොකු හිස් බවක් දැනෙනවා. ඒ හිස් බවත් එක්ක මුළු ගතම හිරිවට්ටගෙන දැනෙන තනිකම හරිම නපුරුයි.

"කවුරුත් නෑ මම කියන දේ අහගෙන ඉන්න"
"මේ ඇස් වල කඳුළු බෙදාගන්න මට කවුරුත් නෑ " 
මේ විදිහට මුළු ලෝකෙටම ඇහෙන්න කෑ ගහල කියන්න ඕනි උනත් හිත ඇතුලේ තද කරගෙන ඉන්න වෙලාවල් තියෙනවා අපි හැමෝගෙම ජීවිතවල. අන්තිමට කරගන්නම දෙයක් නැති උනාම අපි ආදරේ කරපු දේවල් අපි නැතිකරගත්ත විදිහ ගැන හිත හිතා අඬනවා. එක්කෝ හේතුවක් නැතුවම අපේ ජීවිත වලින් ඈත් උන දේවල් වලට වෛර කරන්න පුරුදු වෙනවා. අපි ඒ හැමදේම අපේ හදවතින්ම අපට ලං කරගෙන හිටපු නිසයි අපට අතහරින්න අමාරු. හිත පාරගෙන යන විදිහට දුකක් දැනෙන්නේ ඒ නිසයි.

මේ ලෝකේ ජීවත් වෙන හැමෝම හොයන්නේ ආදරය, රැකවරණය. බොහෝ දෙනා හොයන්නේ තමන්ට ආදරේ කරන්න සුදුසුම කෙනා (perfect one). ඊට පස්සේ හිතන්නේ මුළු ජීවිත කාලෙම එයත් එක්ක ජීවත් වෙන එක ගැන. ඒ පුද්ගලයව මුණගැහෙන්න පුළුවන්, ඒත්  ඒකට වාසනාවත් තියෙන්න ඕනි. ඒත් එහෙම මුණගැහුනේ නැතිනම් ........  
හොඳයි, අපිට ඒ  කෙනාව මුණගැහුණා කියමුකෝ. ඒත් අපිට ඕනි උන විදිහට, අපි කැමති විදිහට එයා අපිත් එක්ක හැමදාම ඉඳීවිද ??
සමහරවිට අපිට සුදුසුම කෙනා  හමුවෙන්න පුළුවන්. නමුත් ඒ අපි සූදානම් වෙලාව නොවෙන්නත් ඉඩ තියෙනවා.
ලස්සන චිත්‍රයක් හිතෙන් මවාගෙන පාට ගාන්න අපි හැමෝටම ලේසියි.එත් සමහර චිත්‍ර තියෙනවා සැබෑ ලෝකේදී පාට ගාන්න අමාරු වෙන. එක්කෝ පාට එකතු කරන්න අපිට පින්සලයක් නැති වෙන වෙලාවක් වෙන්නත් පුළුවන්. 


දෙන්නෙක් හමුවෙන්නේ එකට ඉන්න නෙවෙයි නම් ඇයි ඒ අයවම එකට මුණ ගැහෙන්නේ ?
ඇයි ඒ අය අතරම බැඳීම් ඇති වෙන්නේ ?
මේ වෙලාවට තමයි හැමෝම කියන්නේ දෛවය මිනිස්සුන්ගේ හැඟීම් එක්ක සෙල්ලම් කරනවා කියල. කෙනෙක් තමන්ට ආදරෙයි කියලා දැන දැනත්, තමනුත් එයාට ආදරේ කලත් ඒ දෙන්නට එකතු වෙන්න බැරි හේතුවක් තියෙනකොට ඒක දරාගන්න අමාරුයි. මවාගෙන හිටපු හීන ලෝක කඩාගෙන වැටෙන්නේ එතකොටයි. දෛවය දෙන්නෙක්ට ආදරේ කරන්න පාර පෙන්නුවට ඒ පාරේ ඇවිදගෙන යන්නත් කලින්ම, හොයල දෙන්නේ ඒ පාරේ ඇවිදන් යන්න එපා කියන හේතුයි. එතකොට අපි අපිටම කියගන්නවා  "මේ නොලැබුන දේට වඩා මට මේ ලෝකේ තව හොඳ දෙයක් ලැබෙන්න තියෙනවා, ඒ නිසයි මෙහෙම වෙන්නේ"  කියල. ඒත් ඒ කිසි දෙයක් ගැන නොහිතා, ලස්සනට ඒ බාධකත් එක්ක ගලාගෙන යන ජීවිතත් ඕනි තරම් තියෙනවා.


මම නම් කියන්නේ තමන්ගේ හීන හොයාගෙන යන්න. ඒ එක හීනයක් හරි සැබෑ උන දවසට දැනෙන සතුට කියාගන්න බැරි තරම් වෙයි. ඒත් හීන හැබෑ කරගන්න බැරි උන දවසට ඒ වෙනුවෙන් උත්සහා කළා කියල සතුටු වෙන්න. ඒ නැවතුන හීනෙන් අලුත් හීනයක් පටන් ගන්න. අලුත් බලාපොරොත්තුවක් තියාගන්න. ඒ දේ සැබෑ කරගන්න ආයෙත් උත්සාහ කරන්න. නමුත් කවදාවත් තමන්ගේ හැම සතුටම හීන වලට බාරදෙන්න එපා. මුලින්ම තමන් ළඟ තියෙන දේවල් වලින් සතුට කියන දේ ජීවිතේට එකතු කරගන්න පටන් ගන්න. එතකොට අපි දන්නෙම නැතුව අපි හොයපු හීන හැබෑ වෙයි.

තමන්ගේ වටිනාකම අඳුරගන්න. ඒ වටිනාකම ගැන හොඳින් දන්න අයත් එක්ක වැඩිපුර කාලය ගෙවන්න. එතකොට තේරේවි සතුටින් ඉන්න අපි කැමති හැමෝම අපි ළඟ ඉන්න ඕනි නැති බව. තමන්ව සැබෑවටම අගය කරන, අපිට නිවැරදි පාර පෙන්නන ටික දෙනෙක් උනත් අපිට සතුටින් ඉන්න හොඳටම ප්‍රමාණවත් බව. මේ  හැමදේම නැති උනත් තමන්ට තමන් ඉන්නවා. අපේ හිත පිරිසිදුයි නම් අපිට අපි ගැනම හිතලා සතුටු වෙන්න පුළුවන්.. 



ප. ලි : 
මගේ ලඟින්ම ඉන්න හොඳම යෙහෙළියක් තමයි මේ ලිපිය මට කඩ්ඩෙන් ලියලා එව්වේ..එයාගේ ජීවිතේ එයා ලබපු අත්දැකීම් නිසා මේ දේ එයාට ලියන්න හිතෙන්න ඇති. මම මේ කරපු පරිවර්තනයෙන් එයාට කියන්න ඕනි උන දේ ලියවුනා කියල මං හිතනවා  :) 


16 comments:

  1. හීන හැබැ වෙනවනම් හොදයි තමා....

    ReplyDelete
  2. හ්ම්ම්...මම හිතනවා මට තේරුම් ගන්න පුළුවන් උනා කියලා...

    ReplyDelete
  3. දෛවය දෙන්නෙක්ට ආදරේ කරන්න පාර පෙන්නුවට ඒ පාරේ ඇවිදගෙන යන්නත් කලින්ම, හොයල දෙන්නේ ඒ පාරේ ඇවිදන් යන්න එපා කියන හේතුයි Sigh ............

    ReplyDelete
  4. හීන තමා ඉතිං අපිව කන්නෙ වෙලාවකට....

    ReplyDelete
    Replies
    1. හී හී..වෙලාවකට ඒකත් ඇත්ත

      Delete
  5. //තමන්ව සැබෑවටම අගය කරන, අපිට නිවැරදි පාර පෙන්නන ටික දෙනෙක් උනත් අපිට සතුටින් ඉන්න හොඳටම ප්‍රමාණවත්//

    ගොඩක් වෙලාවට අපිට අමාරු කාල වලදි පිහිට වෙන්නේ මේ අය තමයි... ඒත් මේ වගේ අයව හොයාගන්න එක හිතන තරම් ලේසි නෑ... අපේ අතිජාත මිත්‍රයෝ කියලා හිතාගෙන ඉඳලා පස්සෙ අපිට අවශ්‍යම තැනදී අපිව අත ඇරලා යන අය නැත්තේමත් නෑ... ඒ වෙලාවට හිත කැඩෙන විදිහ බොහොම දරුණුයි.

    ReplyDelete
    Replies
    1. සැබෑ මිත්‍රයෝ කවුද කියල දැනගන්න පුළුවන් අපේ අමාරු කාල වලදී තමයි..:)

      Delete
  6. අදමයි ගොඩවුනේ...
    හීන අපිට පාර කියනවා...ඒත් හැමදමෙ දෛවය ට ම බාර දීලා ඉන්න නමි එපා...
    වෙලාවක ගොඩවෙන්න අපේ දිහාවටත්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තට ආවට :) දිගටම එන්න

      Delete
  7. හීන දකින්න, එත් මතක තියා ගන්න අපි ජීවත් වෙන්නේ හීන වලම නෙවේ....

    ReplyDelete
    Replies
    1. ඒ ගැන තමයි මමත් මේ කියන්නේ :D

      Delete
  8. හීන තමයි අපේ ජීවිත වලට අරමුණක් දෙන්නෙ.හැබෑ වෙන්න වටින තරමේ හීන හැබෑ වෙනවා.සමහර වෙලාවට අපි අපිව තක්සේරු කරගෙන ඉන්න තරමට වඩා අපි වටිනවා.....

    ReplyDelete
  9. //හැබෑ වෙන්න වටින තරමේ හීන හැබෑ වෙනවා//
    ඔව් ඒක නම් ඇත්ත..

    ReplyDelete