Wednesday, January 23, 2013

දේදුන්නට පාට ගාලා දෙනවද .. ?


දේදුන්නට පාට ගාලා දෙනවද .. ?




මං ළඟ තියෙනවා ඒ පාට කූරු 
අර හන්තාන පේන 
සෙනට් එකට වෙලා 
අපි ඒ ලස්සන චිත්‍රෙට   
පාට ගාමු ..
මල් ටික වැස්සට 
අහුවෙලා 
බිම වැටෙන්න කලින්
මං හිතුවා
ඔයා එයි කියලා ...
දැන් කවද්ද එන්නේ ඔයා ...?
මල් වැටෙන්න පටන් අරන් ..
වැටිලා ඉවර වෙයි 
හෙට අනිද්දට ..
.
.
.
.


.
.
.
.
ඒක නෙවෙයි ..
කවුද දැක්කලු ඔයාව ,
අලුත් පාට කූරු අරන් 
අලුත් චිත්‍රයක් අඳිනවා..
දුවගෙන එන්නද මං 
වෙන මුකුත් එපා ..
හන්තානට උඩින් ඇඳපු 
දේදුන්නට 
පාට ගාලා දෙනවද .. ?

12 comments:

  1. චිත්‍ර අදින්න කම්මැලියි!!!!!

    ReplyDelete
  2. හ්ම්ම්....අලුත් පාට කූරු???

    ReplyDelete
  3. පාට ගාල චිත්‍ර ඇඳලා
    බැලුවා මම එදෙස
    වරක් දෙවරක් නොව
    කිහිප වරක්.

    දුටුවේ නැහැ ලස්සනක්
    කොතරම් බැලුවත්
    එදෙස .

    එක නිසයි හිතුවේ මම
    අලුත් චිත්‍රයක් අඳින්න
    පාට නැතිව, පැන්සලයෙන්
    කළු සහ සුදු විතරක් ඇති .

    ලබනවා මට හරි සතුටක්
    පැන්සල් ඉරි දෙස බලමින්,
    අපහු නැහැ කවදාවත්
    පාට ගාන්නේ මම නම්.

    ඒ හින්දා ආවත් ඔබ
    මට නොහැකිය
    පාට දෙන්න දේදුන්නට.

    ReplyDelete
    Replies
    1. ලස්සන පිළිතුරක් ... ස්තුතියි !

      Delete
  4. මම ඔයාට අලුත්ම පාට පෙට්ටියක් අරගෙන දෙන්නම්..ඒකෙන් පාට කරන්න

    ReplyDelete
    Replies
    1. හරි හරි අරන් දෙන්නකෝ එහෙනම් ^_^

      Delete
  5. අලුත්ම පාට වලින් හන්තාන සරසමු අනේ..

    ReplyDelete
  6. පාට හතක පාට කූරු
    ගෙවෙනක්ම්ම පාට කරපු
    පාට පාට දේදුන්නෙන්
    එගොඩ වෙලා ..
    ඔබ යන හැටි ...



    ReplyDelete
    Replies
    1. අන්තිමේට හම්බෙයි මට
      මං සෙවූ ඒ දිව්‍ය භවන ..

      ස්තුතියි මේ පැත්තට ආවට..:)

      Delete