Monday, February 18, 2013

සිහින සිතුවිලි

සිහින සිතුවිලි 




සීතලේ ගැහි ගැහී
සුසුමකට බර දෙමින් 
මම නුඹව සොයනවා 
අනෝරා වැසි වසින තුන්යම

වැටෙන මහ වැසි 
නවතිනවා එක් දිනෙක 
එදවසයි මට ඕනි 
ඔබ එන්න ඒ දිනේ 

ආවොතින් ඔබ  එදින 
සඳත් පායන රැයේ ලස්සන 
පියමනිමු ආදරෙන්
වල දමා සුසුම් වැසි 
ගොඩ අරන් සොඳුරු මල් වැසි