Monday, February 18, 2013

සිහින සිතුවිලි

සිහින සිතුවිලි 




සීතලේ ගැහි ගැහී
සුසුමකට බර දෙමින් 
මම නුඹව සොයනවා 
අනෝරා වැසි වසින තුන්යම

වැටෙන මහ වැසි 
නවතිනවා එක් දිනෙක 
එදවසයි මට ඕනි 
ඔබ එන්න ඒ දිනේ 

ආවොතින් ඔබ  එදින 
සඳත් පායන රැයේ ලස්සන 
පියමනිමු ආදරෙන්
වල දමා සුසුම් වැසි 
ගොඩ අරන් සොඳුරු මල් වැසි 

7 comments:

  1. ඒ දවස ඉක්මනින්...
    උදා වේවා යැයි කියා...
    ආදරෙන් මේ මමත්...
    ඉත සිතින් පතනවා....

    ReplyDelete
  2. සීතල පහව ගොස් උණුසුම ලැබේවා
    සුසුමට සමු දෙමින් හසරැලි නැගේවා
    මහා වැසි නවතමින් සඳ පායා ඒවා
    පුන්සඳ ලෙසම ඔහු ඔබ වෙත පැමිණේවා

    ReplyDelete
  3. පිය මනිමු අපි ආදරෙන්..

    ReplyDelete
  4. ගූගල් සර්ච් කරලා බැලුවොත් නරකද????????

    ReplyDelete
  5. හ්ම්ම්ම් ලස්සනම ලස්සන නිර්මාණයක්

    ReplyDelete
  6. වැස්ස බාධාවක්ද ආලයට.එ‍හෙම නැති නම් හි‍තේ ති‍‍බෙන දුකට හිත සනසා ගැනිමට දරණ උත්සහායක්ද?අපුරු නිර්මාණයක්

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete