Wednesday, May 8, 2013

මගේ ලෝකේට එළිය අරන් ....♥


මගේ ලෝකේට එළිය අරන් ....♥


මැවූ සිහින සැබෑ වෙන්න 
නැවුම් සිහිනේ සතපවන්න 
ජීවිතේට අරුත දෙන්න 
ආදරයෙන් පිරී යන්න...

සිනහ මලින් සරසවන්න 
හිත අද්දර ගී ගයන්න 
සවන් පතට හාදු දෙන්න 
කෙහෙරැල්ලේ සැඟව ඉන්න...

ආදරේට පාට දෙන්න 
සෙනෙහස සොඳුරුයි කියන්න 
දේදුන්නක් ලෙසින් එන්න 
පිනි පොද හිරිමල් වැස්සක

මගේ ලෝකේට එළිය අරන් ....♥

6 comments:

  1. හ්ම්ම් හ්ම්ම්... "නව" එළියක් අරං...මැණිකක් වගේ.... ;)

    ReplyDelete
    Replies
    1. හී හී "නව" එළියක් :D

      Delete
  2. ලස්සනයි කවිය.

    ReplyDelete
  3. අමුතුම රටාවකුත් එක්කම ලස්සන කවි පෙළක් සතුටුයි ඈ

    ReplyDelete